පරිපුරක වෛද්‍ය සේවකයන්ගේ වර්ජනය අවසන් වීමත් සමග 30,000ට ආසන්න සෞඛ්‍ය කනිෂ්ට සේවකයන් අරගලයකට එලඹීම කම්කරු පන්තිය තුල වර්ධනය වන පෙරලිකාරිත්වය පෙන්නුම් කරයි.
රජය සතු ශී‍්‍ර ලංකා ගමනාගමන මන්ඩලයේ (ශී‍්‍රලංගම) 35,000 කට අධික කම්කරුවන් තම වැටුප් ඉල්ලීම් මත ගෙන ගිය වර්ජනය ආන්ඩුවේ බොරු පොරොන්දු මත නතර කරමින් වෘත්තීය සමිති විසින් පසු ගිය සිකුරාදා එම අරගලය පාවා දුනි.
සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.
වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.
අපකීර්තියට පත්ව ඇති ලංකාවේ වෘත්තීය සමිති අලුතෙන්ම සේවයට කැඳවා ගෙන ඇත්තේ වාමාංශික වෙස් බැඳගත්තෙකු වන සුචරිත ගම්ලත් ය.
මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති ටෙලිකොම් සේවක අරගලය එහි වෘත්තීය සමිති සහ පාලනාධිකාරය අතර කම්කරු කොමසාරිස් වරයා ඉදිරිපිටදී අගෝස්තු 10 දා අත්සන් කල "අවබෝධතා ගිවිසුමකින්” අනතුරුව අත්හිටුවනු ලැබුවේ කම්රුවන්ගේ ඉල්ලීම් 10න් එකකටවත් අපේක්ෂිත විසඳුමක් නැතිවය.
යහපත් වැටුපක් හා සේවා කොන්දේසි සඳහා වන උද්ඝෝෂනය වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගමින් වතු කම්කරුවන් අතට ගන්නා ලෙස සසප ඉල්ලයි.
කොලඹ ආසන්නයේ පිහිටි ආන්ඩුවේ නිදහස් වෙලඳ කලාපවලින් එකක කම්කරුවන්-ප‍්‍රධාන වශයෙන් ම ස්ත‍්‍රී කම්කරුවන්-කර ගෙන ගිය ධෛර්යමත් වැඩ වර්ජනයක් බිඳීම සඳහා සන්නද්ධ පොලිස් භටයන් සිය ගනනක් බලමුලු ගන්වා ඇත. මෙය වූකලි මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කර ගෙන යන පොලිස්-රාජ්‍ය මර්දනයේ තවත් ක‍්‍රියාවකි. වර්ජක කම්කරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත, 40කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇත.
1996න් පසු බඳවා ගත් සේවකයන් සඳහා විශ‍්‍රාම වැටුප් අයිතිවාසිකම් ඉල්ලමින් පසු ගිය 11දා රාජ්‍ය බැංකු සේවකයෝ 20,000කට වැඩි සංඛ්‍යාවක් දින භාගයක විරෝධතා වැඩ වර්ජනයක නිරත වූහ. සේවකයන් සියල්ලන්ම පාහේ වැඩ නතර කිරීමට එක්වූ අතර රාජ්‍ය බැංකු ඇන හිටියේය.
ආහාර සහ සෙසු මූලික භාන්ඩවල මිල වේගයෙන් ඉහල යන තත්වය තුල වැටුප් වැඩි වීමක් සඳහා කම්කරුවන් අතරින් මතුවෙමින් පවතින ඉල්ලීම් යටපත් කිරීමේ උත්සාහයක් ලෙස ශී‍්‍ර ලංකාවේ නිදහස් වෙලඳ කලාප වෘත්තීය සමිති ව්‍යාජ විරෝධතා උද්ඝෝෂනයක් පටන් ගෙන තිබේ.