මෙම කුඩා දිවයිනේ නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ විරෝධතා හටගත්තේ වෘත්තීය සමිතිවලට හා රටේ විරුද්ධ පක්ෂවලට පිටතිනි.
එක ම කලාපීය ලා නිනා කාලගුන රටාව මගින් ශ‍්‍රී ලංකාව හා ඔස්ටේ‍්‍රලියාව තුල ජනනය කෙරුනු උග‍්‍ර ගංවතුර තත්වය රටවල් දෙකට ම අතිශය විනාශකාරී ප‍්‍රතිඵල ඇති කර තිබේ. ශ‍්‍රී ලංකාවෙහි ධාරානිපාත වර්ෂාව මගින් මුලපුරනු ලැබූ ගංවතුරින් විශේෂයෙන් නැගෙනහිර පලාතේ මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක තුල මිලියනයකට අධික ජනකායක් බලපෑමට ලක් ව සිටිති.
විකිලීක්ස් වෙබ් අඩවිය මේ දක්වා මුදා හල රහස් රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පනිවුඩ සිය ගනන අතර තිබෙන ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් යවන ලද පනිවුඩයකින් ඔබාමා පාලනාධිකාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචරයන් 2009 මුල දී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරවල දී සිදු කල යුද අපරාධ පිලිබඳව මැනවින් දැන සිටි බව තහවුරු වී ඇත.
මේ මස මුල දී ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගත් ව්‍යවස්ථා වෙනස්කම් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ඉල්ලා සිටිනු ලබන කප්පාදු න්‍යාය පත‍්‍රය පැටවීමේ දී කි‍්‍රයාවට දමනු ලබන විධික‍්‍රම පිලිබඳව දිවයිනේ ද ජාත්‍යන්තරව ද කම්කරුවන් වෙත කෙරෙන අනතුරු ඇඟවීමකි.