පරිපුරක වෛද්‍ය සේවකයන්ගේ වර්ජනය අවසන් වීමත් සමග 30,000ට ආසන්න සෞඛ්‍ය කනිෂ්ට සේවකයන් අරගලයකට එලඹීම කම්කරු පන්තිය තුල වර්ධනය වන පෙරලිකාරිත්වය පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාවේ සමාජ නැගිටීම් පිලිබඳව බියට පත් හිටපු රැඩිකල්වාදියා එයට එරෙහිව සූදානම් වන ලෙස ධනපති පක්ෂ වලින් ඉල්ලයි.
රජය සතු ශී‍්‍ර ලංකා ගමනාගමන මන්ඩලයේ (ශී‍්‍රලංගම) 35,000 කට අධික කම්කරුවන් තම වැටුප් ඉල්ලීම් මත ගෙන ගිය වර්ජනය ආන්ඩුවේ බොරු පොරොන්දු මත නතර කරමින් වෘත්තීය සමිති විසින් පසු ගිය සිකුරාදා එම අරගලය පාවා දුනි.
කොලඹ නගරය දකුනු ආසියාවේ ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත් කිරීමේ සිය ව්‍යායාමයෙහි කොටසක් ලෙස ආන්ඩුව, බලහත්කාරී ලෙස ජනතාව සමූහ වශයෙන් නගරයෙන් නෙරපා හැරීමේ සැලසුම් දිගටම කි‍්‍රයාත්මක කරයි.
ශ්‍රී ලංකාවේ වයඹ ධීවරයන්ට යලි රැකියාවට යාමට බල කෙරුනත් ඔවුන්ට දැරීමට සිදුවන ඉහල තෙල් මිල නිසා ජීවිතය කරගෙන යාමට අපහසු හෙයින් අසන්තෘප්තිය වර්ධනය වෙමින් තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව විරෝධතාවයේ යෙදුන අහිංසක ධීවරයෙකු ඝාතනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ආන්ඩුවට කෙරෙහි විරුද්ධත්වය කීව්‍ර වෙමින් තිබේ
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සසප සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.
සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.
වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.