සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව උතුරු නැගෙනහිර ගෙනගිය යුද්ධයත් සමග වතුකරයේ උත්සන්න කල මර්දනයේ දී අත්අඩංගුවට ගත් තරුනයන් ගනනාවක් ම තවමත් රඳවාගෙන සිටිති.
උතුරු පලාතේ යාපන දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පැහැර ගෙන යාමේ අලුත් වටයක් සලකුනු කරමින් ජවිපෙ විසංමතික කන්ඩායමේ දෙදෙනෙකු අතුරුදහන් කර තිබේ. මෙම සිද්ධිය පිලිබද සැකය කෙලින්ම යොමු වන්නේ, උතුර වාඩිලාගෙන සිටින මිලිටරිය දෙසට ය.
ශ්රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් සිරගත කොට සිටින සියලු ම දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන් ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ගෙන යන උද්ඝෝෂනයට තම පූර්න සහයෝගය ලබා දෙන බැව් ජාත්‍යන්තර සම්භාවනාවට පාත‍්‍ර වූ ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කල සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ දෙමල කතාකරන කම්කරුවන් බහුතරයක් වෙසෙන වතුකරයේ දේශපාලන රැඳවියන් හා ඔවුන්ගේ නෑදෑයින් හමුවූහ.
සසප උද්ඝෝෂනය, ආන්ඩුව කම්කරු පන්තියේ හා ගම්බද ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහි පුලුල් අරගලයෙන් වියෝවූ උද්ඝෝෂනයක් නොවේ.