කොලඹ නගරය දකුනු ආසියාවේ ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට පත් කිරීමේ සිය ව්‍යායාමයෙහි කොටසක් ලෙස ආන්ඩුව, බලහත්කාරී ලෙස ජනතාව සමූහ වශයෙන් නගරයෙන් නෙරපා හැරීමේ සැලසුම් දිගටම කි‍්‍රයාත්මක කරයි.
පැල්පත්වාසීන් ඉවත් කිරීමේ මෑතම උත්සාහය, කොලඹ නගරය දකුනු ආසියානු ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිනිස පවුල් 75,000ක් පමන නෙරපීමේ ආන්ඩුවේ පලල් සැලැස්මක කොටසකි.
සසප රැස්වීම කොලඹ දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය.
කොලඹ නගරය විදේශ ආයෝජකයන් ඇතුලු මහ ව්‍යාපාරිකයන්ගේ මහා වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ සැලසුම මත නගරයෙන් දුගී නිවැසියන් ඉවත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව නව උපක‍්‍රම භාවිතා කරමින් සිටියි.
කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කොටසක් ලෙස, කොලඹ පැල්පත්වාසී පවුල් 70,000ක් ඉවත් කිරීම සඳහා, වැඩෙන මහජන විරෝධය නොතකා ඊනියා ඩෙංගු මර්දන ව්‍යාපාරය ද ඒ සඳහා යොදා ගැනීමට ආන්ඩුව තැත් කරයි.
දේපල සංවර්ධන සමාගම් සහ විදේශ ආයෝජකයන්ට ඉඩම් නිදහස් කර දීම සඳහා දුගී නිවහන් ප‍්‍රදේශවල පදිංචි පවුල් 66,000ක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමේ ශී‍්‍ර ලංකා ආන්ඩුවේ සැලසුම් කි‍්‍රයාවට දැමීම වසරේ මුල සිට තීව‍්‍ර කර ඇත.
නිවාස අයිතිය රැකගැනීමේ කි‍්‍රයාකාරී කමිටුව, කොලඹ පැල්පත් වාසීන්ගේ නිවාස රැකගැනීමේ අරගලය සඳහා සහයෝගය ඉල්ලා, සියලු කම්කරුවන් හා තරුනයන් වෙත ආයාචනයක් නිකුත් කර ඇත. කොලඹ නගරයේ වෙසෙන පවුල් 66,000ක් ඉවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම් වැඩ කරන ජනතාවට පැහැදිලි කිරීමේ උද්ඝෝෂනයක් දියත් කිරීමට ද එම කි‍්‍රයාකාරී කමිටුව තීන්දු කර තිබේ.
ආන්ඩුව, කොලඹ නගරයේ පවුල් 66,000ක් ඔවුන් පදිංචිව සිටින නිවාසවලින් ඉවත් කිරීමට සූදානම් වන අතර යූඑන්පී (එජාප)ය, එම දුගී ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස පෙනීසිටීමට උත්සාහ කරයි. එහෙත් එජාපයේ එම උත්සාහය පිටුපස ඇත්තේ නාගරික දුගීන් ආරක්ෂා කිරීම නොව, එම දක්ෂිනාංශික ධනපති පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩිකර ගැනීමයි.