සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සසප සංවිධානය කල ප්‍රසිද්ධ රැස්වීමට තහංචි පැනවීම, රාජපක්ෂ ආන්ඩුවේ ඉහලම මට්ටමෙන් ගත් තීන්දුවකි.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට විකල්ප නායකයෙක් පත් කර ගැනීමට ප‍්‍රතිවාදීන්ගේ වියරු තැත උපායාත්මක එකකි.
සියයට 45 වැටුප් වැඩිවීම සඳහා කෙරෙන සටනක් ආන්ඩුව සමග ගැටෙන දේශපාලන අරගලයක් බවට පත් වන බව හොඳින් දන්නා විදුලි හා ජල මන්ඩල වෘත්තීය සමිති වේගයෙන් පල්ලම් බැස තිබේ.
වෘත්තීය සමිතිවල සහාය ඇතිව කලමනාකරනය විසින් කම්කරුවන්ගේ නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට දරන ලද උත්සාහයට එරෙහිව වැලි ඔය හා බොගවන්තලාව තේ වතුවල කම්කරුවෝ වැඩවර්ජනයක යෙදී සිටිති.
අපකීර්තියට පත්ව ඇති ලංකාවේ වෘත්තීය සමිති අලුතෙන්ම සේවයට කැඳවා ගෙන ඇත්තේ වාමාංශික වෙස් බැඳගත්තෙකු වන සුචරිත ගම්ලත් ය.
සසපට එරෙහි ප‍්‍රහාරය සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන පොලිස්-රාජ්‍ය සැලසුම් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව උතුරු නැගෙනහිර ගෙනගිය යුද්ධයත් සමග වතුකරයේ උත්සන්න කල මර්දනයේ දී අත්අඩංගුවට ගත් තරුනයන් ගනනාවක් ම තවමත් රඳවාගෙන සිටිති.
උතුරු පලාතේ යාපන දිස්ත්‍රික්කයේ පුද්ගලයන් පැහැර ගෙන යාමේ අලුත් වටයක් සලකුනු කරමින් ජවිපෙ විසංමතික කන්ඩායමේ දෙදෙනෙකු අතුරුදහන් කර තිබේ. මෙම සිද්ධිය පිලිබද සැකය කෙලින්ම යොමු වන්නේ, උතුර වාඩිලාගෙන සිටින මිලිටරිය දෙසට ය.
පැල්පත්වාසීන් ඉවත් කිරීමේ මෑතම උත්සාහය, කොලඹ නගරය දකුනු ආසියානු ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිනිස පවුල් 75,000ක් පමන නෙරපීමේ ආන්ඩුවේ පලල් සැලැස්මක කොටසකි.
සසප රැස්වීම කොලඹ දුගී නිවැසියන්ගේ නිවාස අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කලේ ය.
කොලඹ නගරය විදේශ ආයෝජකයන් ඇතුලු මහ ව්‍යාපාරිකයන්ගේ මහා වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ සැලසුම මත නගරයෙන් දුගී නිවැසියන් ඉවත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව නව උපක‍්‍රම භාවිතා කරමින් සිටියි.
පවුල් 70,000කට වැඩි සංඛ්‍යාවක්, නැතහොත් කොලඹ ජනගහනයෙන් සියයට 50කට වැඩි පිරිසක් ඉවත් කොට ඔවුන්ගේ නිවාස කඩා බිඳ දැමීමට ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව සූදානම් වේ. මේ සමග පල කෙරෙන ඡායාරූප රචනාව ශී‍්‍ර ලංකාවේ කොලඹ නගර මධ්‍යයේ වෙසෙන පැල්පත්වාසීන්ගේ කටුක ජීවන කොන්දේසි පිලිබඳව යම් ක්ෂනික දැක්මක් සම්පාදනය කරයි.
සසප හා සසජාශි ගෙන යන දේශපාලන අරගලය මැර ක‍්‍රියා හා තර්ජනවලින් නතර කල නො හැකි ය. අප සංවිධානය සිසුන් අතර ජන අරගල ව්‍යාපාරයේ හා අවිශිබමයේ දේශපාලනයට එරෙහිව සිය අරගලය තීව‍්‍ර කරනු ඇත.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට සූදානම් වන ආන්ඩුව සිසුන් මර්දනය කිරීම උත්සන්න කරති.
උසස්පෙල ප‍්‍රතිඵල අර්බුදය හුදෙකලා සිදුවීමක් නොව, අතීත ආන්ඩු යටතේ සිදුවූ සහ වත්මන් ආන්ඩුව යටතේ උග‍්‍ර කෙරෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පරිහානියේ ද අර්බුදයේ ද ප‍්‍රතිඵලයකි.
මෙම කුඩා දිවයිනේ නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ගේ විරෝධතා හටගත්තේ වෘත්තීය සමිතිවලට හා රටේ විරුද්ධ පක්ෂවලට පිටතිනි.