ප්‍රවෘත්ති හා විශ්ලේෂන
ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව පවුල් 66,000ක් කොලඹින් පලවා හැරීමට සැරසෙයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2010 අගෝස්තු 20
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇමති මන්ඩලය මහා ව්‍යාපාරිකයන් සඳහා ඉඩම් ලබා දීමට කොලඹ නගරය සහ ඒ අවට පවුල් 66,000ක් එලවා දැමීමේ ආරක්ෂක අමාත්‍යාංශ සැලැස්මක් පසුගිය සතියේ අනුමත කලේ ය. ඒ අනුව ලක්ෂ 5 ක් පමන ජනයාට නිවාස අහිමිවනු ඇත. අවිනිශ්චිත තැන්වල පදිංචියට යෑමට බලකෙරෙන තතු තුල බොහෝදෙනෙකුට රැකියා ද අහිමි වනු ඇත.
ශී‍්‍ර ලංකාවේ යුද අධිකරනය හිටපු යුද හමුදාපතිවරයා වැරදිකරුවෙකු යයි තීන්දු කරයි
සුජීව අමරනාත් විසිනි, 2010 අගෝස්තු 18
ශී‍්‍ර ලංකා යුද අධිකරනයත් පසුගිය ජනාධිපති අපේක්ෂකයකු සහ යුද හමුදා අනදෙන නිලධාරියා වූ ජෙනරල් සරත් ෆොන්සේකා ”නිල ඇඳුමින් සිටිය දී සක්‍රීය දේශපාලනයේ යෙදීම” යන චෝදනාවට වරදකරුවෙකු යයි තීන්දු කලේ ය. මේ තීන්දුව අනුව ඔහුගේ හමුදා තනතුර ද පදක්කම් ද ගෞරවය ද විශ‍්‍රාම වැටුප ද වෙනත් පහසුකම් ද ඔහුට නැතිව යනු ඇති අතර හමුදා කඳවුරු ප‍්‍රදේශවලට ඇතුල් වීම ඔහුට තහනම් කෙරෙනු ඇත.
නියෝජ්‍ය ඇමතිවරයෙකු ඉවත් කිරීමට ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයාට සිදුවේ
නන්ද වික්රමසිංහ විසිනි, 2010 අගෝස්තු 14
කම්කරුවන්ගේ උග‍්‍රවන විරෝධතා මධ්‍යයේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂට නියෝජ්‍ය මහාමාර්ග ඇමති මර්වින් ද සිල්වා ඔහුගේ තනතුරෙන් ඉවත් කිරීමට පසුගිය අඟහරුවාදා සිදුවිය. පාලක සන්ධානයේ ප‍්‍රධාන පක්ෂය වූ රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) සිය සාමාජිකත්වය ද සිල්වාට තහනම් විය.
ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ කල්ලියක් රූපවාහිනී හා ගුවන් විදුලි මධ්‍යස්ථානයට ගිනිතබයි
පානිනී විජේසිරිවර්ධන විසිනි, 2010 අගෝස්තු 11
ජූලි 30 දා හිමිදිරියේ කොලඹ මධ්‍යයේ පිහිටි සියත රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථානයට කඩාවැදුනු සන්නද්ධ කල්ලියක් එම පරිශ‍්‍රයට ගිනි තැබී ය. එහි දී ආයතනයේ සේවකයන් දෙදෙනෙක් සහ ආරක්ෂක භටයෙක් තුවාල ලැබූහ. මෙම ප‍්‍රහාරය ආරක්ෂක හමුදාව සමග සහයෝගීව කි‍්‍රයාකරන ආන්ඩුවට ගැති මැරකල්ලි විසින් ගෙනයනු ලබන ප‍්‍රචන්ඩත්වයේ හා බියවැද්දීමේ අඛන්ඩ කි‍්‍රයාදාමයක තවත් එකකි. සිද්ධිය පිලිබඳ ''පුලුල් පරීක්ෂනයන්” සිදු කෙරෙන බව පොලීසිය ප‍්‍රකාශ කල ද මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.
සරසවි සිසුවාගේ මරනය ගැන පොලීසියට එරෙහිව ශිෂ්‍යයෝ විරෝධය දක්වති
සුරංග සිරිවර්ධන හා කපිල ප‍්‍රනාන්දු විසිනි, 2010 ජුලි 29
පසුගිය දින තුන පුරා දහස් ගනන් සරසවි ශිෂ්‍යයෝ රුහුනු විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ සුසන්ත අරුන බන්ඩාර ශිෂ්‍යයාගේ මරනයට එරෙහි විරෝධතාවන් වටා පෙල ගැසුනහ. රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතාවයකට පොලීසිය එල්ල කල ප‍්‍රහාරයකින් මසකට පසුව ජූලි 24 දින ඔහු මිය ගියේ ය.
ශ්‍රී ලංකාව: ආන්ඩුව විශ්වවිද්‍යාල පුද්ගලීකරනය වේගවත් කරයි
කපිල ප‍්‍රනාන්දු විසිනි, 2010 ජුලි 24
මහජන වියදම් තවදුරටත් කප්පාදු කිරීමේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලික ව්‍යාපාරවල මට්ටමට පත් කිරීමේ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටියි. බලයට පත් කොලඹ ආන්ඩු විසින් ඇතිකල නිදහස් අධ්‍යාපනයේ පරිහානිය පෙන්නුම් කරමින් ඇමතිවරු ද මාධ්‍ය ද එයට පිලියම් යෙදිය හැක්කේ පුද්ගලික අංශයට පමනක් බව කියා සිටිති.
ශ්‍රී ලංකා ආන්ඩුව හිටපු ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට හදිසි නීතිය යොදාගනී
සරත් කුමාර විසිනි, 2010 ජුලි 16
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව, පරාජිත ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව බරපතල අපරාධ චෝදනා ඉදිරිපත් කරනු පිනිස සිය රුදුරු හදිසි නීති රෙගුලාසි යොදාගෙන තිබේ.
ශ්‍රී ලංකා මිලිටරිය කොලඹ පැල්පත්වාසීන් දහස් ගනනක් අපරාධකරුවන්සේ සලකා කොටු කරයි
ඩබ්ලිව්. ඒ. සුනිල් හා පානිනී විජේසිරිවර්ධන විසිනි, 2010 ජුලි 10
පසුගිය සතියේ උතුරු කොලඹ මට්ටක්කුලියේ මිනිසුන් සියගනනකට සාහසික ලෙස පහරදුන් ශ්‍රීලංකාවේ මිලිටරිය සහ පොලිසිය අනතුරුව නිවැසියන් දහස් ගනනක් අපරාධකරුවන්සේ සලකා පිටියකට කොටු කරනු ලැබූහ.
ශ්‍රී ලංකාවේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට දමයි
සමන් ගුනදාස සහ කේ. රත්නායක විසිනි, 2010 ජුලි 3
අඟහරුවාදා, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මුදල් ඇමති සරත් අමුනුගම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටු කරන කප්පාදු පියවර සඳහා සැලසුම් සහිතව, ප්‍රමාද වී තිබූ 2010 වසරේ අන්තර්වාරික අයවැය ඉදිරිපත් කලේය.
ශී‍්‍ර ලංකාවේ බලධාරීහු ශිෂ්‍ය කන්ඩායම යාපනය සරසවියට ඇතුල්වීමෙන් වලක්වති
සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2010 ජූනි 29
ශ්‍රී ලංකාවේ උතුරේ යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීහු ජුනි 12 දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) ශිෂ්‍ය නායකයන් කන්ඩායමක් විශ්ව විද්‍යාලයට ඇතුලුවීම වලක්වාලූහ. අවිශිබමය ක්ෂනික ඉලක්කය බවට පත්වූ අතර මෙම තහනමේ පුලුල් එල්ලය වන්නේ විශ්ව විද්‍යාලය තුල කෙරෙන සියලූ දේශපාලන කි‍්‍රයාකාරකම් මැඞීම යි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකාව තුල මානව හිමිකම් පිලිබඳ සීමිත විමසුමක් අරඹයි
කේ. රත්නායක විසිනි, 2010 ජූනි 28
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ජුනි 22 දා දිවයිනේ සිවිල් යුද්ධයේ අවසන් අදියර තුල මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව තමන්ට උපදෙස් දෙනු පිනිස විශේෂඥයන්ගේ මන්ඩලයක් නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව කෝපාවිෂ්ට ප‍්‍රතිචාරයක් දක්වා තිබේ. 2009 මැයි මස සිදු වූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ පරාජයට පෙරාතු මාස කිහිපය තුල දී ශ්‍රී ලංකාවේ මිලිටරිය එල්ල කල අනවරත ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කෙරුනි.
ශ්‍රී ලංකාවේ ආන්ඩුව බරපතල ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් ගෙන ඒමට සැරසේ
නන්ද වික්රමසිංහ විසිනි, 2010 ජූනි 24
පාර්ලිමේන්තු මැතිවරනයෙන් තුන්මසක් ගතවීමට පෙර ආන්ඩුව ගෙන ඒමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධන මාලාවේ ඉලක්කය වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගින් දිගටම බලයේ තබාගැනීම ද ඔහුගේ අත්තනෝමතික පාලන ක‍්‍රමය ශක්තිමත් කිරීම ද වේ.
කොලඹ තවත් බොහෝ පවුල් එලවා දැමීමට සැලසුම් කරයි
ඩබ්ලිව්. ඒ. සුනිල් සහ ශ්‍රී හරන් විසිනි, 2010 ජූනි 07
උතුරු කොලඹ ග‍්‍රෑන්ඩ් පාස් ඇල ඉවුර යාබදව දිවිගෙවන පැල්පත් වැසියන් වෙත මැයි 31 වෙනි දින ආන්ඩුවේ නිලධාරීන් කියා සිටියේ ඇල ඉවුරේ සිට මීටර් හය හමාරක් තුල පිහිටි සියලුම ඉදිකිරීම් ඉවත් කරන බවයි. ඉඩම් ප්‍රතිසංස්කරන හා සංවර්ධන මන්ඩලයේ මුද්‍රාව සහිත ටෝකන් පතක් නිවැසියන් වෙත ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ආන්ඩුව පැල්පත් ඉවත් කිරීමේ මෙහෙයුම් පුලුල් කරයි
ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2010 ජූනි 07
ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව එහි කොලඹ නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට දැමීමත් සමග කොලඹ පැල්පත් වැසියන් දහස් ගනනක් ඔවුන්ගේ නිවාස හා ජීවන මාර්ගයන් අහිමි වීමේ අවදානමකට මුහුන දී සිටිති. අගනගරය ”දකුනු ආසියාවේ මූල්‍යමය හා වානිජ මධ්‍යස්ථානය” බවට පරිවර්තනය කිරීම අරමුනු කර ගත් සැලැස්ම විදෙස් ආයෝජකයන් හා සංචාරකයින් ආකර්ශනය කරගැනීමේ පුලුල් සැලස්මක කොටසකි.
ශ්‍රී ලංකාව: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරුනු කප්පාදු පිලිවෙත් අවධාරනය කරයි
නන්ද වික්රමසිංහ විසිනි, 2010 මැයි 24
දින 10ක විමර්ශන චාරිකාවකින් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශී‍්‍ර ලංකාව පිලිබඳ දූත කන්ඩායම, අයවැය හිඟය කප්පාදු කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇති පියවර මගින් තමන් ”ධෛර් යමත්” වූ බව පසුගිය බ‍්‍රහස්පතින්දා නිවේදනය කලේය. කෙසේවෙතත්, දැන් ජූනි 29දාට සැලසුම් කර ඇති බොහෝ සෙයින් පමා වූ 2010 අයවැය යෝජනා මගින් ආන්ඩුව තවදුර වියදම් කප්පාදු ක්‍රියාවට දමන තෙක් මූල්‍ය අරමුදල සිය එ.ජ. ඩොලර් බිලියන 2.6 නය මුදලේ තෙවන වාරිකය තවදුරටත් අත්හිටුවනු ඇත.
ශී‍්‍ර ලංකාව: නිවාස විනාශ කිරීමට එරෙහිව නිවැසියෝ විරෝධතා දක්වති
අපගේ වාර්තාකරුවන් විසිනි, 2010 මැයි 15
මිලිටරිය විසින් තම නිවෙස් විනාශ කිරීමට එරෙහිව 200ක පමන පිරිසක් ඊයේ කොලඹ, කොම්පඤ්ඤවීදියේ විරෝධතාවක් පැවත් වූහ. වැඩිමනක් අය මුස්ලිම් වූ පවුල් 45ක් ජීවත් වූ නිවාස 20ක් පසුගිය සිකුරාදා බුල්ඩෝසර් කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආඥාවන්ට අනුවය.
ආරක්ෂක අමාත්‍යංශය කොලඹින් දුප්පතුන් පලවා හැරීම අරඹයි
අපගේ වාර්තාකරුවන් විසිනි, 2010 මැයි 10
පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය මැද කොලඹ පවුල් 45ක් නිවෙස්වලින් පලවා හැරීමටත් ඔවුන්ගේ නිවාස පොලවට සමතලා කිරීමටත් හමුදාව සහ පොලිසිය මෙහෙයවූවේය. පසුගිය දිනයන්හිදී කොලඹ හා අවට ප්‍රදේශවල, මධ්‍යම පලාතේ නුවර සහ දකුනු පලාතේ ගාල්ල යන නගරවල පදික වෙලෙන්දන් දහස් ගනනක් පලවා හැරීමට මේ අයුරින්ම පොලිසිය දිගේලිකොට තිබින.
ශී‍්‍ර ලංකාව: රාජ්‍යයේ පුවත්පත සසපයට එරෙහි මරන තර්ජනයක් පලකරයි
විජේ ඩයස් විසිනි, 2010 මැයි 08
අප්‍රේල් 23 වෙනි දා, ශ්‍රී ලංකාවේ ආන්ඩුවට අයත් ඩෙලි නිව්ස් පුවත්පතේ කතු වැකිය සහිත මැද පිටුවේ සමාජවාදී සමානතා පක්ෂයට (සසප) එරෙහිව පැහැදිලි මරන තර්ජනයක් එල්ල කරමින් අතිශයින්ම ප්‍රකෝපකාරී ලිපියක් පලකර තිබුනි.
ශ්‍රී ලංකාව: ලසසපයේ දේශපාලන කුනුවීම
විලානි පීරිස් විසිනි, 2010 අපේ‍්‍රල් 29
අප්‍රේල් 8 පාර්ලිමේන්තු මැතිවරනය ලංකා සමසමාජ පක්ෂයේ (ලසසප) කුනුවීම යලිත් වරක් අවධාරනය කර තිබේ. 1940 සහ 1950 ගනන්වල දී, මෙම පක්ෂය ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ පදනම මත කම්කරුවන්ගේ වඩාත්ම සටන්කාමී හා පන්ති විඥාත කොටස්වල පක්ෂපාතිත්වය දිනාගත්තේය. අද, 1964 දී මෙම මූලධර්ම පාවාදීමෙන් පසුව, එය වනාහි පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (එජනිස) කීකරු කොටස්කරුවකු ලෙස ක්‍රියාත්මක වන කුනු වූ මලකඳකි.
ශ්‍රී ලංකාව: කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දමනු සඳහා නව කැබිනට් මන්ඩලය පිහිටුවයි
කේ. රත්නායක විසිනි, 2010 අපේ‍්‍රල් 24
අප්‍රේල් 8 පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ නව කැබිනට් මන්ඩලය නම් කල අතර එය වනාහි කම්කරුවන්ගේ ජීවන මට්ටම්වලට එරෙහි දුර දිග යන ප්‍රහාරයක් වනු ඇති වැඩපිලිවෙලක් සඳහා සූදානම් වීමකි. ඔහු පත් කර ඇති කැබිනට් මන්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින කප්පාදු න්‍යාය පත‍්‍රය ක්‍රියාවට දැමීම පමනක් නොව වැඩ කරන ජනතාව වෙතින් නොවැලැක්විය හැකි ලෙස එල්ල වන ප්‍රතිරෝධය තලා දැමීම ද ඉලක්ක කරගනු ඇත.
ශ්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍ය විරෝධතා මැඩීමේ නීති යලි පනගන්වයි
කපිල ප‍්‍රනාන්දු විසිනි, 2010 අපේ‍්‍රල් 19
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (විප‍්‍රකොස) මගින් මෑත දී නිකුත් කරන ලද චක්‍රලේඛය, දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන විරෝධතාවලට එරෙහිව එල්ල වුවකි. මෙම දැන්වීම පලවූයේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අනුව යමින් සමාජ වියදම් කප්පාදු කිරීමේ එහි කල්පමා වූ අය-වැය ඉදිරිපත් කිරීමට සූදානම් වන තත්වයක දී ය.
ශී‍්‍ර ලංකාවේ මැතිවරන ප‍්‍රතිපල පන්ති ගැටුම සඳහා වේදිකාව සකසයි
කේ. රත්නායක විසිනි, 2010 අපේ‍්‍රල් 10
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) අපේ‍්‍රල් 08 දින පැවති මැතිවරනයේදී පාර්ලිමේන්තු ආසන වලින් අති මහත් බහුතරයක් දිනාගත්තේ ය. එහෙත්, වැඩකරන ජනතාව අතර පුලුල් වශයෙන් පැතිර පැවති අප‍්‍රසාදය පෙන්නුම් කල, ඓතිහාසිකව පහත මට්ටමකට වැටී තිබුනු ඡන්දදායකයන්ගේ සහභාගිත්වය හා සියලු ප‍්‍රධාන ධනපති පක්ෂවල සහයෝගය සෝදාපාලු වීමෙන්, පාලන සංස්ථාපිතයම කම්පනයට පත් කලේය.
ශ්‍රී ලංකාව: ටීඑන්ඒ සහ ”ස්වයං නිර්නයේ” ක්‍රියාමාර්ගය
විජේ ඩයස් විසිනි, 2010 අපේ‍්‍රල් 2
දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් වසර 26ක සටනකින් අනතුරුව දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) පරාජය කරනු ලැබුවේ කෙසේද යන පැහැදිලි පැනයට පිලිතුරු දීම කෙසේ වෙතත් එම කරුන මතු කිරීමට පවා අපොහොසත් මැතිවරන ප්‍රකාශනයක් අපේ‍්‍රල් 8 දාට නියමිත ශී‍්‍ර ලංකාවේ මහ මැතිවරනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.
ලමුන් දෙදෙනාගේ මරන ශ්‍රී ලංකාවේ බියකරු සමාජ අර්බුදය විදහා දක්වයි
වසන්ත රූපසිංහ විසිනි, 2010 මාර්තු 31
මෙම මාසය තුල සිදුවූ ඛේදවාචක දෙකකින් ශ්‍රී ලංකාවේ දුප්පත්කමින් බැටකන පවුල් මුහුන දී සිටින බියකරු ඉරනම ඉස්මතු කර දක්වයි. ඉසිලිය නොහැකි ආර්ථික ප‍්‍රශ්න වලින් ගැලවී යාමේ මඟක් නොදුටු මව්වරුන් දෙදෙනෙකු තම දරුවන්ගෙන් එක් අයෙකු බැගින් ප‍්‍රාදේශිය ගංඟා දෙකක ගිල්වා දැමූහ.
ශී‍්‍රලංකාව: උතුරු-නැගෙනහිර අඛන්ඩ මිලිටරි වාඩි ලා ගැනීම
සුජීව අමරනාත් විසිනි, 2010 මාර්තු 23
එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධය අතරතුර දී ස්ථාපනය කල පුලුල් හමුදා කඳවුරු ජාලය අඛන්ඩව පවත්වා ගෙන යන බව මෙම මස මුල නිකුත් කල නිල ගැසට් නිවේදනයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ය. උතුරු හා නැගෙනහිර පලාත්වල එක දිගට පවත්වා ගෙන යන මෙම මිලිටරි වාඩි ලා ගැනීමේ අරමුන වන්නේ දෙමල ජනයාගේ මතු නො ව මුලු මහත් වැඩ කරන ජනයාගේ ම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් බලාත්කාරයෙන් මැඩ ලීම යි.
ශ‍්‍රී ලංකාව: ජවිපෙ සහ ෆොන්සේකා අතර ප‍්‍රතිගාමී සන්ධානයක්
කොලඹ දිස්ත‍්‍රික්කය සඳහා තරග වදින සසප අපේක්ෂිකා විලානි පීරිස් විසිනි, 2010 මාර්තු 5
අපේ‍්‍රල් 8 වන දා ශ‍්‍රී ලංකාවෙහි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරනය සඳහා වූ උද්ඝෝෂනය සුවපහසු අනියත දේශපාලන විවාහයක් සිදු වී ඇත. එනම් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද රටේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ද අතර දීගය යි. ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කර දැමීම සඳහා කුමන්ත‍්‍රනය කලේ ය යන අනුමාන චෝදනාව මත ෆොන්සේකා දැනට මිලිටරියේ අත් අඩංගුවෙහි පසු වෙයි.
ශ‍්‍රී ලංකාවේ අභාවයට යන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය
කේ රත්නායක විසිනි, 2010 පෙබරවාරි 26
”කරුනාකර අපට ගෞරවනීය මන්ත‍්‍රීවරුන් ලබා දෙන්න” යන හිසින් පෙබරවාරි 21 දින සන්ඬේ ටයිම්ස් පත‍්‍රයේ පලවූ කතුවැකිය, පාර්ලිමෙන්තුවේ බෙලහීනත්වය හා මන්ත‍්‍රීවරුන්ගේ පහත් තත්වය පිලිබඳව විලාප නඟයි. මුලූ රටම අපේ‍්‍රල් 08 දිනට නියමිත පාර්ලිමේන්තු මැතිවරනයට සූදානම් වන අතර වාරයේ මෙම කතුවැකිය, දේශපාලන සම්මතයන්ගේ ප‍්‍රගතියක් වෙනුවෙන් කෙරෙන ආයාචන, අදහස් හා ප‍්‍රකාශ බොහොමයක් අතුරින් තවත් එකකි.
ශ‍්‍රී ලංකාව: ශ්‍රේෂ්ඨාධිකරනය ෆොන්සේකා නිදහස් කිරීම ප‍්‍රතික්ෂේප කරයි
කේ රත්නායක විසිනි, 2010 පෙබරවාරි 24
පරාජිත විපක්ෂ ජනාධිපතී අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට කරන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ඊයේ ප‍්‍රතික්ෂේප කරන ලදී. ඔහු පෙබරවාරි 08 දින සිට මිලිටරි පොලිසිය විසින් රඳවාගෙන සිටියි. විනිසුරු මඬුල්ල රැස්වූයේ, අත්අඩංගුවට ගැනීමේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ෆොන්සේකාගේ බරිඳ වන අනොමා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහාය.
ශ‍්‍රී ලංකාව: කුමන්ත‍්‍රන ඝෝෂාවට හරස් කපමින් විපක්ෂ ආධාරකරුවන් නිදහස් කෙරේ
සරත් කුමාර විසිනි, 2010 පෙබරවාරි 22
ජනවාරි 26 දින ජනාධිපතිවරනයෙන් පසුව රඳවාගෙන සිටින විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් 14 දෙනෙක්, මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් පසුගිය සතියේදී නිදහස් කරන ලදී. ආන්ඩුව හා රාජ්‍ය සතු මාධ්‍ය, නොවැම්බර් මාසය දක්වාම රටේ ප‍්‍රධාන ජෙනරාල්ව සිටි ෆොන්සේකා, ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරලා දැමීමට කුමන්ත‍්‍රනය කල බවට චෝදනා නැඟූහ.
ශ‍්‍රී ලංකාව: ආන්ඩුව නව අන්තර්ජාල සම්බාධක සූදානම් කරමින් සිටියි
සරත් කුමාර විසිනි, 2010 පෙබරවාරි 15
මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඟනය කිරීමේ තවත් පියවරක් වශයෙන් ආන්ඩුව පිලිබඳව විවේචනශීලී වන අන්තර්ජාල වෙබ් අඩවි වාරනය කිරීම සඳහා බලධාරීන් නව පියවර ගනිමින් සිටියි. පෙබරවාරි 08 දින විපක්ෂ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංඟුවට ගැනීම ද ඇතුලූ දේශපාලන විරුද්ධවාදීන් මත පුලූල් පරිමානයේ කඩාපැනීමක් සිදුවන අතරතුර, 14 දින රාත‍්‍රීයේ වෙබ් අඩවි ගනනාවක මෙම සැලසුම පිලිබඳ වාර්තා පලවිය.
ශ‍්‍රී ලංකා ආන්ඩුව විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා අත් අඩංගුවට ගනියි
කේ. රත්නායක විසිනි, 2010 පෙබරවාරි 9
ජනවාරි 26 වන දා පැවැත්වුනු ජනාධිපතිවරනයේ දී ප‍්‍රධාන විරුද්ධ පක්ෂවල පොදු අපේක්ෂකයා ලෙස තරග වැදුනු ජනරාල් සරත් ෆොන්සේකා මිලිටරි පොලීසිය විසින් 8 වන දින රාත‍්‍රියේ දී අත් අඩංගුවට ගනු ලැබිනි. මෙම ක‍්‍රියාවෙන් සලකුනු කලේ, පසු ගිය දෙසතිය පුරා ආන්ඩුව සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ගෙනගිය කඩාපැනීමේ ඉහල වර්ධනයක් ද මේ සතිය තුල කැඳවනු ඇතැයි අපේක්ෂිත පාර්ලිමේන්තු මැතිවරනයේදී බිය ගැන්වීම සහ මර්දනය වඩාත් පුලූල් මට්ටමක් ගනු ඇති බවට පලවන පෙර නිමිත්තක් ද වේ.
ශ‍්‍රී ලංකාවේ සසප කයිට්ස්හි ඊපීඞීපී මැරකම් හෙලා දකී
සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2010 පෙබරවාරි 1
ජනාධිපතිවරනයෙන් පසුව ජනවාරි 28 දා ඊලම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ (ඊපීඩිපී) මැරයන් උතුරේ කයිට්ස් දූපතෙහි සිදු කල මැර ක‍්‍රියාවන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) හෙලා දකී. නිසැකව ම ඔවුන් තැතිගැන්මට පත්කලේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ ලද අඩු ඡුන්ද සංඛ්‍යාවෙන් ද ඡන්දදායකයන්ගේ අඩු සහභාගිත්වය ද නිසා ය. ඡන්දය නොදීම ගැන ද විපක්ෂ අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකාට හෝ සසප අපේක්ෂක විජේ ඩයස්ට ඡන්දය දීම ගැන ද දෝෂාරෝපනය කරමින්, ඊපීඞීපී කල්ලියක් තරුන සහ මහලූ පුද්ගලයන් ද ඇතුලූ පුද්ගලයින් දුසිම් ගනනකට කායිකව පහර දුන්හ.
ශ‍්‍රී ලංකාවේ මැතිවරනය: ඡන්ද ගරාගැනීමට නව සමසමාජ පක්ෂය දක්වන ජුගුප්සාජනක ගිජුකම
විජේ ඩයස් විසිනි, 2010 ජනවාරි 26
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද නව සමසමාජ පක්ෂය (නසසප) සහ අනෙකුත් සියලූ පැරනි රැඩිකල්වාදී සංවිධාන ද අතර පවතින්නේ පියවිය නොහැකි පන්ති අගාධයක් බව ජනාධිපතිවරනය තුලදී සනිටුහන් වී ඇත.
ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව විපක්ෂයට එරෙහි මර්දනය දියත් කරයි
සරත් කුමාර විසිනි, 2010 ජනවාරි 30
26 දින පැවති මැතිවරනය ජයග‍්‍රහන කිරීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දෙවන නිල කාලය ආරම්භ කලේ, දේශපාලන ප‍්‍රතිවාදීන්ට එරෙහිව පුලූල් මර්දනයක් දියත් කරමිනි. සැලකිය යුතු වැඩි ඡන්දයකින් ජයග‍්‍රහනය කලේ වී නමුත් පාලක පන්තිය ඇතුලත තියුනු බෙදීම්, පැතිරුන ජනතා අප‍්‍රසාදය සහ කඩා වැටෙන ජීවන කොන්දේසි පිලිබද අතෘප්තිය මධ්‍යයේ රාජපක්ෂගේ පදනම තවමත් බෙලහීනය.
වත්මන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරනය ජයගැනීමත් සමග ම ආතතීන් උග‍්‍රවෙයි
කේ. රත්නායක විසිනි, 2010 ජනවාරි 28
අගහරුවාදා පැවති ජනාධිපතිවරනයේ ජයග‍්‍රාහකයා ලෙස වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කිරීමත් සමග ම ශ‍්‍රී ලංකාවේ පවත්නා ආතති සහගත දේශපාලන තත්වය තව දුරටත් දිග් ගැස්සී ගියේය. විපක්ෂයේ අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා රාජපක්ෂගේ ජයග‍්‍රහනයේ පරතරය විශාල වුවත් පරාජය භාරගැනීම ප‍්‍රතික්ෂේප කරමින් තමන් ප‍්‍රතිඵලය අභියෝගයට ලක් කරන බව නිවේදනය කලේය.
ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව විරුද්ධ අපේක්ෂකයා නුසුදුස්සෙකු කිරීමට තර්ජනය කරයි
කේ. රත්නායක විසිනි, 2010 ජනවාරි 27
ආන්ඩුව ජනාධිපතිවරනයෙන් පසවු , විරුද්ධ අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා නුසුදුස්සෙකු කිරීම පිනිස නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කිරීමත් සමඟ කටුක නීතිමය හා ව්‍යවස්ථාමය අර්බුදයක තර්ජනය වැඩිවී තිබේ. ආන්ඩුවේ නීතිමය අභියෝගය හිස එසවූයේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුලත්ව නොතිබීම නිසා ඔහුට ඡන්දය පාවිච්චි කල නොහැකිවූ බව හෙලිවීමෙන් පසුවය.
ශ‍්‍රී ලංකාවේ මැතිවරනය ගැඹුරු දේශපාලන අර්බුදයක වේදිකාව සකසයි
කේ. රත්නායක විසිනි, 2010 ජනවාරි 26
අද පැවැත්වෙන ජාතික ඡන්දයෙන් කුලූගැන්වෙන ජනාධිපතිවරනය, බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ විරුද්ධවාදියා වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විසින් එකිනෙකාට විරුද්ධව එල්ල කරගන්නා ලද කටුක චෝදනා හා ප‍්‍රති චෝදනා වලින් ද ප‍්‍රචන්ඩත්වයෙන් ද සලකුනු කෙරී තිබුනි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක්
ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයෙන් 70 වසරක්: ඉතිහාසයේ පුනරාගමනය සහ ලෝක විප්ලවයේ මූලෝපාය
2010 සැප්තැම්බර් 01
සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය, ලියොන් ට්‍රොට්ස්කිගේ ඓතිහාසික උරුමය සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා අද ගෙන යන අරගලයට එහි පවත්නා අදාලත්වය පිලිබඳව ශී‍්‍ර ලංකාව තුල ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් පවත්වනු ඇත.
ඉදිරි දර්ශන
ශ්‍රී ලංකාව: එල්ටීටීඊයේ පරාජයෙන් වසරකට පසු
2010 මැයි 18
වසරකට පෙර අද වැනි දිනක, යටත් වීමට උත්සාහ දැරූ ඇතැම් නායකයන් ද ඇතුලුව දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ ඉහල නායකයින් සියලු දෙනා සමූල ඝාතනය කරමින් එහි පාලනය යටතේ තිබූ බිම් තීරුව මිලිටරිය විසින් අවසාන වශයෙන් යටත්කර ගත්තේ ය. එය, දිවයිනේ දෙමල සුලුතරයේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් පාගා දැමීමටත් කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමටත් පිලිවෙලින් බලයට පත් කොලඹ ආන්ඩු විසින් විසිපස් වසරක් තිස්සේ නිර්දය ලෙස ගෙන ගිය සාපරාධී යුද්ධයක අවසන් අදියර විය.
මැතිවරනයේ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අඩුවීම : එලැඹෙන පන්ති සටන් පිලිබඳ ඇඟවුමක්
2010 අපේ‍්‍රල් 17
සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි මහජන විරෝධයේ තරම පෙන්නුම් කරමින් පසුගිය සතියේ පැවැති පාර්ලිමේන්තු මැතිවරනයේදී ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව වාර්තාගත ලෙස පහත වැටුනු අතර කොලඹ පාලක කවයන් තුල ඉන් ඇති කලේ ඉමහත් තැතිගැන්මකි. ඡන්දය පාවිච්චිකර තිබුනේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප‍්‍රමානයකි. එනම් සියයට 52 ක් පමනි. එය 1989 වාර්තාවූ පහලම අගයට වඩා සියයට 12 ක අඩුවීමකි. යුද්ධයෙන් විනාශයට පත් උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප‍්‍රකාශ කලේ ලියා පදිංචි ඡන්දදායකයන්ගෙන් සියයට 23 ක් පමනි.
ශී‍්‍ර ලංකාවේ මැතිවරනයේ ජාත්‍යන්තර අර්ථභාරය
2010 අපේ‍්‍රල් 06
ශී‍්‍ර ලංකාවේ අපේ‍්‍රල් 8 මහ මැතිවරනයේ ක්ෂනික ප‍්‍රතිඵලය කුමක් වුව ද එය සන්ධිස්ථානයක් සලකුනු කරනු ඇත. සිවිල් යුද්ධයේ 25 වසරක් තුල ගොඩ නගා තිබෙන පොලිස්-රාජ්‍ය තන්ත‍්‍රය යොදා ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ රටේ ආර්ථික අර්බුදය වැඩ කරන ජනතාවගේ කරපිටට පැටවීමට උත්සාහ කරනු ඇත.
ශී‍්‍ර ලංකාවේ පැනනඟිමින් පවත්නා පොලිස් රාජ්‍යයේ ජාත්‍යන්තර අර්ථභාරය
2010 පෙබරවාරි 16
ජනවාරි 26 දින පැවති ජනාධිපතිවරනයේදී ජයග‍්‍රහකයා වූ මහින්ද රාජපක්ෂ හා පරාජිතයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට පිටුබලය දීම සඳහා පාලක ප‍්‍රභූව දෙපැත්තට බෙදීමත් සමග, කටකතා සහ කුමන්ත‍්‍රන වලින් කොලඹ ඇවිලී ගියේය. උපාමාරු දැමීම් හා විවෘත දේශපාලන බල අරගලය සඳහා ඔවුහු පෙල ගැසෙමින් සිටිති. මැතිවරන ප‍්‍රචාරක ව්‍යාපාරයේ කලි කලහයන් නිමාවට පත්කිරීම කෙසේ වෙතත් මැතිවරනය, අස්ථාවරත්වය ගැඹුරු කිරීමට වේදිකාව සකසා තිබේ.
නිවේදන
ශ්‍රී ලංකාවේ අගනුවර සමූහ අත්අඩංගුවට ගැනීම: කම්කරු පන්තියට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමක්
2010 ජුලි 13
පසුගිය 3 වෙනිදා කොලඹ අවට දහස් ගනනක් පැල්පත්වාසීන්ට එල්ල කල පොලිස්-හමුදා ඒකාබද්ධ ප‍්‍රහාරය, මෙරට හා ජාත්‍යන්තර කම්කරු පන්තියට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි. මට්ටක්කුලිය ප‍්‍රදේශයේ සමස්ත වැඩිහිටි ජනතාව ම වැටලීමෙන් පසුව එල්ල කරන ලද මෘග ප්‍රහාරයෙන් පෙන්නුම් කර ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ප‍්‍රකාශයට පත්කල ”ආර්ථික යුද්ධය” තුල සාමාන්‍ය වැඩකරන ජනතාවට එරෙහිව මුදාහැර තිබෙන පොලිස්-රාජ්‍ය විධික‍්‍රමයන් ය.
2010 ශී‍්‍ර ලංකාවේ මහ මැතිවරනය සඳහා සසප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය
සමාජවාදී පිලිවෙත් හා කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා
2010 මාර්තු 25
අපේ‍්‍රල් 08 දින පැවැත්වෙන මහ මැතිවරනයේදී සිය අපේක්ෂකයන්ට සහයෝගය දෙමින්, පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයට ක‍්‍රියාශීලීව සහභාගී වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියි. කොලඹ, යාපනය, නුවර එලිය හා ගාල්ල දිස්ත‍්‍රික්ක සඳහා සසප සිය අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත්කර තිබේ.
ශ‍්‍රී ලංකාව: හදිසි නීතිය අහෝසි කරනු!
2010 මාර්තු 06
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මාර්තු 01 දින අලූත් කරන ලදුව, අනුමැතිය සඳහා මාර්තු 09 දින පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට නියමිත හදිසි නීතිය, වහාම අහෝසි කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටියි. අපේ‍්‍රල් 08 දින පැවැත්වෙන මහ මැතිවරනයෙන් පසුව ආන්ඩුව ක‍්‍රියාත්මක කිරීමට යන කප්පාදු වැඩපිලිවෙලට, කම්කරුවන් හා ගම්බද දුගීන් කෙරෙන් පලවන විරෝධය මැඬීම සඳහා මෙම කුරිරු හදිසි නීති බලතල යොදාගනු ඇති බවට සසප අනතුරු අඟවයි.
සසප ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත් වෙයි
2010 මාර්තු 02
ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන එන්ට එන්ටම තියුනු වන ප‍්‍රහාරයට එරෙහිව, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය බලමුලූ ගැන්වීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) අපේ‍්‍රල් 08 දින පැවැත්වෙන මහ මැතිවරනයට ඉදිරිපත් වෙයි. සසප සටන් වදින්නේ, ධනවතුන් අතලොස්සකගේ ලාභය නොව වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සපුරාලිමේ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් දියත් කිරීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙනි.
විවරන
ශ‍්‍රී ලංකාවේ සසප එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙයි
විජේ ඩයස් විසිනි, 2010 පෙබරවාරි 4
එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) හිටපු වම්මු දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ ගෙනගිය අවස්ථාවාදී උපාමාරු, සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් හෙලිදරව් කිරීමෙන් තිගැස්මට පත්ව, තම පූච්චානම් දේශපාලනය ආරක්ෂාකර ගැනීමට වෑයම් කරමින් ඒගැන ලිවීමට තදියමක් දක්වා තිබේ.
සසප මැතිවරන ව්‍යාපාර
- ජනාධිපතිවරනය 2010
- වත්මන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරනය ජයගැනීමත් සමග ම ආතතීන් උග‍්‍රවෙයි (2010 ජනවාරි 28)
- ශ්රී ලංකාවේ ආන්ඩුව විරුද්ධ අපේක්ෂකයා නුසුදුස්සෙකු කිරීමට තර්ජනය කරයි (2010 ජනවාරි 27)
- ශ්රී ලංකාවේ මැතිවරනය ගැඹුරු දේශපාලන අර්බුදයක වේදිකාව සකසයි (2010 ජනවාරි 26)
- ශ්රී ලාංකික දෙමල දේශපාලන සිරකරුවන් තමන් නිදහස් කරන ලෙස බල කරමින් උපවාසයක් අරඹයි (2010 ජනවාරි 23)
- සසප ජනාධිපති අපේක්ෂක විජේ ඩයස්ට ඡන්දය දෙන්න (2010 ජනවාරි 22)
- ශ්රී ලංකාවේ ජනාධිපතිවරනය: රාජපක්ෂ ආර්ථික යුද්ධය වෙනුවෙන් සපථ කරයි (2010 ජනවාරි 19)
- ශී‍්‍ර ලංකාවේ මැතිවරනය: ජෙනරාල් ෆොන්සේකාගේ කම්කරු පන්ති-විරෝධී න්‍යාය පත‍්‍රය (2010 ජනවාරි 16)
- ශ්රී ලංකාවේ මැතිවරනය: එක්සත් සමාජවාදී පක්ෂයේ දෙමුහුනුවර (2010 ජනවාරි 14)
- ශ්රී ලංකාවේ මැතිවරනය: දෙමල දේශපාලනඥයෝ යුදවාදීන් පසුපස පෙල ගැසෙති (2010 ජනවාරි 11)
- ශ්රී ලංකාවේ මැතිවරනය: ෆොන්සේකාට මුක්කුව දීම සඳහා ජවිපෙ අධම සන්ධානයක (2010 ජනවාරි 5)
- සමාජ සමානතාව සහ ප්රජාතන්ත්ර අයිතීන් උදෙසා සටන් වැදීමට සමාජවාදී වැඩපිලිවෙලක් (2010 ජනවාරි 4)
- ශ්රී ලංකාවේ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමේ ඌනතාවයට මුහුන දෙයි (2009 දෙසැම්බර් 23)
- එක්සත් ජනපද සෙනෙට් වාර්තාව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වඩා "ශක්තිමත්" පිලිවෙතක් යෝජනා කරයි (2009 දෙසැම්බර් 22)
- ශ්රී ලාංකික වෘත්තීය සමිති පාලක ප්රභූවේ ජනාධිපති අපේක්ෂකයන්ට සහාය දෙයි ( 2009 දෙසැම්බර් 14)
- දක්ෂිනාංශික ශ්රී ලාංකික නායකයා, කල සේවාවන් වෙනුවෙන් හිටපු වම්මුන්ට තුති පුදයි (2009 දෙසැම්බර් 11)
- ශ්රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරන අපේක්ෂකයා නිවේදනය කරයි (2009 දෙසැම්බර් 9)
- ශ්රී ලංකාව තුල බොනපාට්වාදී පාලනයක් ඇටවීමේ අනතුර (2009 දෙසැම්බර් 8)
- ශී‍්‍ර ලංකාවේ හිටපු මිලිටරි ප්‍රධානියා සිය ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කරයි (2009 දෙසැම්බර් 2)
- ශී‍්‍ර ලංකාවේ ඉහලම ජෙනරාල් ජනාධිපති අපේක්ෂයකු ලෙස තොරොම්බල් කෙරෙයි (2009 නොවැම්බර් 19)
- ජනාධිපතිවරනය 2005
- ශී‍්‍ර ලංකා ජනාධිපති අස්ථාවර සුලූතර ආන්ඩුවක් පිහිටුවයි (2005 දෙසැම්බර් 08)
- ශී‍්‍ර ලංකාවේ මැතිවරනයෙන් පසුව : කම්කරු පන්තිය සඳහා ඊලඟට කුමක්ද? (2005 නොවැම්බර් 22)
- රාජපක්ෂ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරනයෙන් යන්තම් ජය ලබයි (2005 නොවැම්බර් 19)
- දෙමල ජනතාව ඡන්දය දීමෙන් වලකාලීමේ කුමන්ත්රනයක් (2005 නොවැම්බර් 15)
- නසසපය සහ ජාතික අවස්ථාවාදයේ අවෘත අන්තය (2005 නොවැම්බර් 10)
- යාපනයේ සසප රැස්වීමට එරෙහිව ප‍්‍රචන්ඩත්වයේ තර්ජන (2005 නොවැම්බර් 5)
- ශී‍්‍රලනිප අපේක්ෂකයා වාර්ගික ප්රචන්ඩත්වය හා යුද්ධය අවුලූවන ප්‍රකාශනයක් නිකුත් කරයි (2005 නොවැම්බර් 2)
- සමාජවාදී සමානතා පක්ෂයට සහයෝගය දෙන්න (2005 ඔක්තෝබර් 22)
යුද්ධයට හා සමාජ අසමානතාවට එරෙහිව සමාජවාදී විකල්පය - ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරනය: අපේක්ෂකයන් 13ක් නමුත් තෝරා ගැනීමට ඇති ඉඩ අල්පයි (2005 ඔක්තෝබර් 12)
- හෙල උරුමය-රාජපක්ෂ ගිවිසුම සහ බෞද්ධ අධිපතිවාදයේ ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය (2005 සැප්තැම්බර් 21)
- ශී‍්‍ර ලංකාවේ මැතිවරන ව්‍යාපාරයේ හරි මැද යුද තර්ජනය (2005 සැප්තැම්බර් 14)
- සමාජවාදී සමානතා පක්ෂය ශී‍්‍ර ලංකාවේ ජනාපතිවරනයට ඉදිරිපත් වෙයි (2005 සැප්තැම්බර් 9)
- ශී‍්‍ර ලංකාවේ විදේශ ඇමති ඝාතනය පිලිබඳ නොවිසඳුනු ගැටලූ (2005 අගෝස්තු 26)
- ශී‍්‍ර ලංකාවේ ඇමති ඝාතනයෙන් පසුව, කොලඹ යුද ඝෝෂාව වැඩෙයි (2005 අගෝස්තු 20)
- ආධාර ගිවිසුම පිලිබඳ ශී‍්‍ර ලංකාවේ අධිකරන තීන්දුව: තියුනු දේශපාලන ආතතීන්වල සලකුනක් (2005 අගෝස්තු 17)
- ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදය: කම්කරු පන්තිය හමුවේ ඇති තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න (2005 අගෝස්තු 1)

